
පාකිස්ථානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක මුරපොලකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා .
එහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මෙහිදී ත්‍රස්තවාදීන් විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ රථයක් ආරක්ෂක මුරපොලකට ධාවනය කරවා බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුනා . පාකිස්ථාන හමුදාවේ මාධ්‍ය අංශය නිවේදනය කළේ, ටෑන්ක් දිස්ත්‍රික්කයේ පිහිටි මුරපොලකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි . එමෙන්ම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු රජයේ නිලධාරියෙකු මියගිය බවද එම නිවේදනයේ දැක්වෙනවා. මෙම ප්‍රබල පිපිරීම හේතුවෙන් එම ස්ථානයේ තිබූ ගොඩනැගිලි සහ සන්නිවේදන
යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වී තිබෙනවා. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් එල්ල කරන
ලද ප්‍රතිප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් 12 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.














