
රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමක් සහිත කොකේන් තොගයක් සමඟ විදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙක් බවයි එම ඒකකය සඳහන් කළේ. කෘෂිකාර්මික ඉංජිනේරුවරයෙක් වන ඔහු රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 198ක් වනවා.














