
ICC 2025-2029 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේදී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය එළැඹෙන 23 ,25 සහ 28 යන දිනවල, හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව මෙම මස 31, ලබන මස 2 සහ 4 යන දිනවලදී විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය සඳහා ද සහභාගීවීමට නියමිත බව සඳහන්.














