ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1946 පෙබරවාරි මස 4 වනදා උපන් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසු වූවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් අවිස්සාවෙල්ල දිස්ත්‍රික් රෝහලේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අද (10) අලුයම ජීවිතක්ෂයට පත්වූ බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ.
දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ මහතා චිත්‍රපට අධ්‍යක්ෂණයට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම තිර රචකයෙකුද වනවා.
එසේම චිත්‍රපට කිහිපයකට රංගනයෙන්ද දායකත්වය සපයා ඇති රංගන ශිල්පියෙක්ද වනවා.
2011 වර්ෂයේදී තිරගත වූ ලාල් වීරසිංහ, අනුෂා දමයන්ති සහ ඩිලානි මධුරසිංහ රංගනයෙන් දායක වූ මුතු සළඹ චිත්‍රපයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කරන ලද්දේ කුසුම් චන්ද්‍ර ගමගේ මහතා විසිනි.
එසේම 2015 වර්ෂයේ තිරගත වූ ආත්ම වර්ෂා චිත්‍රපටයේද අධ්‍යක්ෂණය සහ තිර රචනය ඒ මහතා විසින් සිදු කර තිබෙනවා.
මීට අමතරව ජයශක්ති, නෝ ප්‍රොබ්ලම් ඩාලින්, ඉන්ස්පෙක්ටර් ගීතා, ෆ්‍රස්ට් ලව් පූජා, විජයග්‍රහණය සහ සළඹක් හඬයි කුසුම් චන්ද්‍ර ගමගේ මහතාගේ චිත්‍රපටවලින් කිහිපයකි.
අභාවප්‍රාප්ත දේශමානය කුසුම් චන්ද්‍ර ගමගේ මහතාගේ දේහය අද පස්වරුවේ සිට ඒ මහතා පදිංචිව සිටි අවිස්සාවේල්ල, කොස්ගම ප්‍රදේශයේ පිහිටි නිවසේදී අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව උදාවන බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.