
SLS සහතිකය ලත්, ප්‍රමිතිගත, ආරක්ෂිත හෙල්මටයක් පැළඳීම අනිවාර්ය බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පවසනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ප්‍රමිතිගත හෙල්මට් නිෂ්පාදන ආයතන දිරිගැන්වීමේ වැඩසටහක් ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.














