Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    2026-02-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.109 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    නැගෙනහිර පළාතෙත් මාතලේ, බදුල්ල, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද නිවේදනයේ දැක්වෙනවා.

    සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් රත්නපුර, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මධ්‍යම සහ සබරගමුව පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

    එසේම ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශය ආශ්‍රීතව පවතින බවත් මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකිය සහ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

    වැසි තත්ත්වය

    ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    සුළඟ

    සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    ආශ්‍රීත පුවත්:  දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසු වැසි

    කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැක.

    මුහුදේ ස්වභාවය

    කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    weather
    පෙර පුව​තඅනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
    ඊළඟ පුව​ත දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group