පකිස්තානයේ ලාහෝර් කළමනාකරණ විද්‍යා විශ්ව විද්‍යාලයේ සේවය කරන කාන්තාවක් එම නගරයේදී පුද්ගලයින් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
එම මාධ්‍ය වාර්තා පැවසුවේ එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ක්‍රිස්තියානි ආගමික කාන්තාවක් මෙන්ම තිදරු මවක් බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඉස්ලාම් ආගමට යොමුවීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ ඇයව ඝාතනය කර ඇති බව යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ සිද්ධියක් පන්ජාබ් ප්‍රාන්තයේ ෆයිසාලාබාද් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ දැරියව පසුව ඇයව පැහැරගත් තැනැත්තාට විවාහ කර දී ඇති බවයි.
උණුසුම් පුවත්
- නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්














