පකිස්තානයේ ලාහෝර් කළමනාකරණ විද්‍යා විශ්ව විද්‍යාලයේ සේවය කරන කාන්තාවක් එම නගරයේදී පුද්ගලයින් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
එම මාධ්‍ය වාර්තා පැවසුවේ එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ක්‍රිස්තියානි ආගමික කාන්තාවක් මෙන්ම තිදරු මවක් බවයි.
ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඉස්ලාම් ආගමට යොමුවීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ ඇයව ඝාතනය කර ඇති බව යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමේ සිද්ධියක් පන්ජාබ් ප්‍රාන්තයේ ෆයිසාලාබාද් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ දැරියව පසුව ඇයව පැහැරගත් තැනැත්තාට විවාහ කර දී ඇති බවයි.
උණුසුම් පුවත්
- මෙරටට උපරිමය සහය ලබා දෙන බවට මාලදිවයින් ජනපතිගෙන් ප්‍රකාශයක්
- වැඩිම කඩුලු දවාගත් වෙගපන්දු යව්න්නා බවට මිචෙල් ස්ටක් පත් වෙයි
- රුසියාවෙන් යුක්රේනයට යළිත් අනතුරු ඇඟවීමක්
- දුම්රිය ප්‍රවේශපත් හිමි මගීන්ට ලංගම බස් රථවල ගමන් කිරීමට අවස්ථාව
- විදුලි බිඳවැටීම් සියයට 85 කට යළි යථා තත්ත්වයට
- චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක්
- අයිස් සමග පුද්ගලයෙකු දෙහිවලදී අත්අඩංගුවට
- මොහොමඩ් තාහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි












