රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පකිස්තානයේ සිට බටහිර් සහ යුරෝපා රටවලට නීතිවිරෝධීව ඇතුළු වීම ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
ඒ හමුවේ මිනිස් ජාවාරම ද ඉහළ ගොස් ඇතැයි සඳහන්.
නවතම වාර්තා අනුව සෑම වසරකම පකිස්ථානුවන් 30,000 සිට 40,000 දක්වා නීතිවිරෝධී ලෙස යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ප්‍රංශය සහ අනෙකුත් යුරෝපීය රටවල් නීතිවිරෝධී පකිස්ථානු සංක්‍රමණිකයන් පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙනවා. ඊට හේතුව වන්නේ සංක්‍රමණිකයි ආගමික අන්තවාදීන් ලෙස කටයුතු කිරීම හේතුවෙන් බව සඳහන්.
එය අමෙරිකාවට මෙන්ම යුරෝපානු රටවල ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල කරන බව හඳුනා ගෙන තිබෙනවා.
ඉතාලිය තුළ පමණක් මේවනවිට පකිස්ථානුවන් 120,000ක් පමණ ජීවත් වන බවයි අනාවරණ වී ඇත්තේ.
ආගමික අන්තවාදය, දේශපාලන අස්ථාවරත්වය, ස්වභාවික විපත්, ආහාර හිඟය, විරැකියාව, ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය නිසා මිලියන සංඛ්‍යාත පකිස්ථානුවන්ට රටහැර යමින් සිටින බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ.
උණුසුම් පුවත්
- සීතා අම්මන් කෝවිලේ පඬුරු පෙට්ටි ආයේත් අරන් ගිහින්
- සංචාරක නියෝජ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්
- නාවික හමුදා බාරයට ගත් බහුදින යාත්‍රාවෙන් හමුවූ දේ
- ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්
- වනාන්තර හානිය දැනුම් දීමට නව දුරකතන අංකයක්
- “රටම එකට” ජාතික මෙහෙයුම අඛණ්ඩව
- එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ
- ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇති බවට අනාවරණයක්













