යුද්ධය මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසනවා.
එ හේතුවෙන් පවතින දූෂිත ක්‍රමවේදය වෙනස්කොට රටට සැබෑ නිදහසක් උදාකරලීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස කාදිනල් හිමියන් ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටියා.
77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පුජාවට එක්වෙමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදු කළා.