දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී අද උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණය අසල සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වී තිබෙනවා.
පසුව යතුරුපැදිකරු පලාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සෞඛ්‍ය පරිපාලන නිළධාරියෙකු මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබෙනවා.
ඔහු දෙහිවල පොලිස් ස්ථානය වෙත ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












