සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති වන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- විහාරාධිපති හිමිගේ ගිණුමෙන් මුදල් ඇද්ද හතරක් මාට්ටු
- විපක්ෂ නායක සජිත්ට ගොවීන් ගැන කතාකරන්න අයිතියක් නෑ
- භාණ්ඩ සොරා ගන්නා මේ පුද්ගලයා දන්නවාද?
- උපන් දිනය පෙනී පෙනී ජීවිතයෙන් සමුගත් මනෙත්
- මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
- උසස් අධ්‍යාපනයටත් දැනෙන වෙනසක්
- හිටපු තවත් ලොක්කෙක් ආයෙත් ඇතුළට
- TikTok ගිවිසුමට ඇමරිකානු ආයෝජකයන් නම් කරයි