
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 03ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ යන ප්‍රදේශ සඳහායි මෙලෙස රතු නිවේදන නිකුත් කර තිබෙන්නේ. එසේම,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට,නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්‍රදේශ සඳහා ද මෙලෙස ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.














