Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    2026-02-18

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    2026-02-18

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි
    • ප්‍රංශ ජනපති ඉන්දියාවට
    • අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්
    • ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්
    • IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

    දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

    ධීවර සහ නාවුක ප්‍රජාවටත් විශේෂ දැනුම්දීමක්
    2026-01-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මේ හේතුවෙන් ජනවාරි 05 වන දින සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

    නැගෙනහිර සහ ඌව පලාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවද සඳහන්.

    අනුරාධපුරය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    එසේම සබරගමුව පළාතේත්, ගාල්ල, කළුතර, සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.

    මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ග්නනා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.

    මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බවත් ධීවර සහ නාවිවක ප්‍රජාව මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් දැනුම් දෙනු ලබනවා.

    වැසි තත්ත්වය

    කන්කසන්තුරය සිට ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ.

    සුළඟ

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි.

    ආශ්‍රීත පුවත්:  පාකිස්තානයට පහසු ජයක්

    සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ දක්වා ඉහළ යා හැක.

    මුහුදේ ස්වභාවය

    ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.

    weather
    පෙර පුව​තශ්‍රී ලංකා යුධ හමුදාවේ 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධුරයේ රාජකාරි අරඹයි
    ඊළඟ පුව​ත මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මඩකලපුවට මි.මී 120 ඉක්මවූ වැසි

    2026-02-18

    ප්‍රංශ ජනපති ඉන්දියාවට

    2026-02-18

    අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට සමුළුවක්

    2026-02-18

    ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙහි හදිසි බිඳ වැටීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group