ඉන්දියාවේ දිල්ලි නුවර සිදුවූ පිපිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්, ඇන්ටෝනියෝ ගුටරෙස් සිය ශෝකය පළ කර තිබෙනවා.
පිපිරීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බවයි මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර දිල්ලි පිපිරීමෙන් දිවි අහිමි වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදෙන බව දිල්ලි ප්‍රධාන අමාත්‍ය රේඛා ගුප්තා සදහන් කළා.
රතු බලකොටුව ආසන්නයේ දුම්රිය ස්ථානයක් ඉදිරිපිට පෙරේදා මෝටර් රථයක සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
එමෙන්ම අද දිනයේදීත්, රතු බලකොටුව සහ ”ලාල් කිලා” දුම්රිය ස්ථානය වසා තැබෙන බවද විදෙස් වාර්තා වල සඳහන්.
උණුසුම් පුවත්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
- කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
- නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
- කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
- ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
- වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්














