හාලිඇල – බෝගොඩ ගම්මානයේ දිය පහරකින් එගොඩ වෙමින් සිටියදී අතුරුදන්වූ හත්හැවිරිදි දැරියගේ සිරුර සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් 10 හැවිරිදි වියේ පසුවන ඇගේ සහෝදරයාගේ සිරුර මේ දක්වා හමුවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියට මුහුණ දුන් දරුවන් බෝගොඩ විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ කුළී වැඩට ගිය මව නිවසට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් ඇය සොයා ගිය අවස්ථාවේ දරුවන් මෙලෙස සැඩ පහරට හසුව ඇති බවයි.
මෙම දරුවන්ගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බව සඳහන්.
ප්‍රදේශවාසීන්, පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව අතුරුදන් වූ පිරිමි දරුවා සෙවීමේ කටයුතුවල නිරතව සිටිනවා.