රජයේ මුද්‍රණාලයේ අධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන දෙපල මැතිවරණ කොමිසම හමුවට කැදවා ප්‍රශ්න කළ යුතු බවත් එම නිලධාරින් රටේ උත්තරීතර නීතිය කඩකරමින් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට උත්සහ දරණ බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා චෝදනා කරනවා.
ඔහු මෙම අදහස් පල කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අතර පැවැත්වීමට තිබු හමුවක් අද දින හදිසියේ අවලංගු කර තිබෙනවා.
මේ හේතුවෙන් එම හමුවට සහභාගි වූ පළාත් පාලන නියෝජිතයින් පත් වූ අපහසුතාවය හේතුවෙන් දයාසිරි ජයසේකර මහතාට දැඩි අප්‍රසාදයක් පළ කර සිටියා.
මේ පිළිබඳව පක්ෂ සාමාජිකයින් දැක්වූ අදහස්.
මේ දිනෙන් දින උණුසුම් වන දේශාපලන වේදිකාවේ පක්ෂ විපක්ෂව දැක්වූ අදහස්.