
ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක වන ද්විත්ව බදු මගහැරීමේ ගිවිසුම සඳහා ඉන්දියාව සංශෝධනයක් සිදු කර තිබෙනවා.
ඊයේ දින සිට බලාත්මක වන පරිදි ප්‍රධාන අරමුණු පරීක්ෂාව නැමැති මෙම නව රෙගුලාසිය, ගිවිසුමට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මේ යටතේ, දේශසීමා හරහා සිදුවන ආයෝජන ව්‍යුහයන් පිළිබඳ වාණිජමය අරමුණ බදු බලධාරීන් විසින් සොයා බැලීමට හැකි වනු ඇති බව සඳහන්.














