
පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 26,849 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී සැකපිට පුද්ගලයින් 564ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 21 දෙනෙකුද මෙයට ඇතුලත් වන බව සඳහන්.














