දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා අද පෙරවරුවේ ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී වැඩභාරගනු ලැබුවා.
දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, දකුණු පළාතේ ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය රාජ්‍ය අනුමණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා සේවය කරනු ලබනවා.
එමෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ අංශාධිපති ලෙසද, එම විශ්වවිද්‍යාලයේම ජේ්‍යෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ලෙසද ඒ මහතා කටයුතු කර තිබෙනවා.














