දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 14 කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරු බදු පැනවීම පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව එම තීරු බදු පැනවීම ලබන අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබෙනවා. මියන්මාරය, තායිලන්තය, කාම්බෝජය, ලාඕසය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරි පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමටද නියමිත බව අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














