
තායිලන්තයේ සිට මෙරටට එවා තිබූ ගුවන් භාණ්ඩ තොගයක රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. බැංකොක් නුවර සිට ඉකුත් ජූලි 24වනදා මෙරටට පැමිණි ගුවන් යානයක, තෑගි තොගයක් ලෙස, එවූ පාර්සලයකයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන්නේ. එහිදී ලෝහ බහාලුම් තුළ සඟවා තිබූ පොලිතීන් පැකට්වල තිබී මරිජු වානා සහ හෂිෂ් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසකට අධික සංඛ්‍යාවක් සොයාගැනීමටයි රේගු නිලධාරීන් සමත් වුණේ. එම තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 10කට අධික වාර්තා වන්නේ.














