අලෙවි කිරීමට සූදානම් කර තිබූ තහනම් ධීවර දැල් 857ක් නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව යාපනය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගැනුණු බවයි නාවික හමුදාව කියා සිටියේ.
නාවික හමුදාව කියා සිටියේ නීත්‍යානුකූල මසුන් ඇල්ලීම ප්‍රවර්දනය කිරීම සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂ කිරීමේ අරමුණින් නීති විරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් අවධානයෙන් කටයුතු කරන බවයි.
උතුරු නාවික විධානයට අයත් නෞකා කංචදේව සහ නෞකා වේළුසුමන ආයතන විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව මෙම වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 25ක් සහ 54ක් වන යාපනය කොට්ටඩි සහ චාවකච්චේරී යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවයි නාවික හමුදාව කියා සිටියේ.
අදාළ සැකකරුවන් සහ තහනම් ධීවර දැල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.