දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශ සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය ඇද හැලී ඇති බවයි.
මේ හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවද එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා..
එමෙන්ම මේ වන විට දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට ත්ත්තපරයට ඝන අඩි 19,400ක් තරම් සීඝ්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බවද එම නිවේදනයේ සදහන්.
මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාවය අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතිනවා.
මේ හේතුවෙන් දැදුරු ඔය දෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රවේශ වෙත ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව අනතුරු අගවා ඇත්තේ.
මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලටද පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ඒ අනුව ඉදිරි පැය 24 දක්වා වූ කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගං වතුර ඇති විය හැකියි.













