විෂමාචාර චෝදනා මත තවත් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ අධිකරණ සේවා කොමිසන් සභාව විසින්.
ඒ අනුව මේ වන විට වැඩ තහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව දහයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එසේම අකාර්යක්ෂම කාර්ය සාධානය පිළිබඳ චෝදනා මත ගම්පහ ප්‍රදේශයේ සේවය කරන සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයකුටද විශ්‍රාම යාමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
අධිකරණ සේවා කොමිසන් සභාව දැනටමත් ඔහුගේ විශ්‍රාම වැටුප් පත්‍රිකාව යවා ඇති බවටයි වාර්තා වන්නේ.