ජාත්‍යන්තර වශයෙන් ලබාගත් ණය නොගෙවීම හේතුවෙන් බොහෝ රටවල්වලින් නඩු පවරා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ අද කොළඹදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.
හඬ පට ධාවකයමේ අතර එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියේ රාජ්‍ය සේවකයින් බදු පැනවීමත් සමඟ පීඩාවට පත් වීම සම්බන්ධයෙන් ඇති විකල්පය කුමක්ද යන්නයි.
මේ ඒ සඳහා පිළිතුරු ලබාදුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා.
හඬ පට ධාවකයමේ අතර මෙම වසරේ මාර්තු මස 31 වන දිනට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට නොහැකි වුවහොත් මෙරට ආර්ථික තත්ත්වය යළිත් බැරෑරුම් ස්ථානයකට ගමන් කළ හැකි බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශයක් ද සිදුකර තිබුණා.