
වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ගත වූ පැය 24 තුළ පමණක් රෝගීන් 2,604 ක් වාර්තා වී ඇති බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ.
සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් සියයට 52.50 ක ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 32,054 ක් වනවා.














