
ඩෙංගු අධි වසංගත තත්ත්වය තවමත් පාලනය වී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එහි වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ පළමුව වසංගත තත්ත්ව වාර්තා වූ ප්‍රදේශවලින් මේ වන විට වසංගත තත්ත්වය තරමක් පාලනය වෙමින් පැවතිය ද නව ප්‍රදේශවල ඩෙංගු වසංගත තත්ත්ව වාර්තා වෙමින් පවතින බවයි.
මේ හේතුවෙන් ඩෙංගු මර්දනය සඳහා ජනතාව ඇතිකරගත් උනන්දුව අඩුකරගත යුතු නොවන බව ද ඒ මහතා මෙහිදි මහජනතාවට දැනුම් දුන්නා.














