
මෙටා සමාගමේ යෙදවුමක් වන වට්ස්ඇප් විසින් අලුතින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති පරිශීලක නාම විශේෂාංගය තම රට තුළ ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙස ඉන්දීය රජය එම සමාගමට නියෝග කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් මෙටා සමාගම වෙත නිල ලිපියක් යොමු කර ඇති බවයි.
ව්‍යාජ ගිණුම් සකසා මහජනතාව මුළා කිරීමට අපරාධකරුවන්ට මේ හරහා අවස්ථාව ලැබෙන බවයි ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ.














