අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ක්‍රියාත්මක වුවද, ඔක්තෝබර් මාසයේදී අමෙරිකාවට ඉන්දියාවේ භාණ්ඩ අපනයනය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 14යි දශම 5කින් ඉහළ ගොස් ඇති බවයි.
ඉන්දියාවට අමෙරිකාව විසින් පසුගිය අගෝස්තු 27 වන දා සියයට 50ක තීරුබදු පනවා තිබුණා.
ඒ, රුසියානු තෙල් මිලදී ගැනීම ද ඉලක්ක කර ගනිමින්.
මෙම බදු ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ඉන්දියාවේ විශාලතම විදේශ වෙළඳපොළ වන අමෙරිකාවට කළ අපනයන තියුණු ලෙස පහත වැටී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරුව අමෙරිකාවෙන් ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය කිරීමට ඉන්දියානු රාජ්‍ය තෙල් සමාගම එකඟ වුණා.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ බොහෝ කෘෂිකාර්මික භාණ්ඩ අන්‍යෝන්‍ය තීරුබදුවලින් නිදහස් කිරීමට පියවර ගනු ලැබුවා.
මේ අතර ලොව උසස් යුධ තාක්ෂණයෙන් සමන්විත F – 35 ප්‍රහාරක ගුවන් යානා සෞදි අරාබිය වෙත විකිණීමට තමන් බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
වසර 8කට පසුව සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබුණා.
වසර 8කට පසුව සල්මන් කුමරු විසින් වොෂින්ටන් නුවර වෙත පැමිණි පළමු අවස්ථාව මෙයයි.
මෙහිදී සෞදි කුමරු ඉහළම රාජ්‍ය ගෞරව සහිතව රතු පලස මතින් පිළිගැනීමක් සිදුකෙරුණා.
එමෙන්ම ධවල මන්දිරය ඉහළින් ප්‍රහාරක ගුවන් යානා පියාසර කරමින් ආචාර දැක්විමද විශේෂත්වයක්.













