තමාට එල්ල වී ඇති අධි චෝදනා 34ටම තමා නිවැරදිකරු බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා .
අපරාධ චෝදනා එල්ල වු හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක් හි අධිකරණයක් හමුවේ පෙනී සිටමින් ඒ බව සඳහන් කර ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා වනවා .
2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට පෙර නිල් චිත්‍රපට නිළියකට මුදල් ගෙවු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් හට චෝදනා එල්ල වී තිබෙනවා .
කිසිදු සාක්ෂියකින් තොරව දේශපාලනික වශයෙන් තමාට එරෙහිව එම චෝදනා ගොනුකර ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව සදහන් .