ජාතික හෙද විශ්වවිද්‍යාලය නුදුරු කාලසීමාව තුළදීම ආරම්භ කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් ඊයේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවයට සහභාගි වෙමින්.
ජාතික හෙද විශ්ව විද්‍යාලය මෙරට තුළ ආරම්භ කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් විශාල කාර්යභාරයක් ඉටුකල බව සිහිපත් කළ අමාත්‍යවරයා එම විශ්ව විද්‍යාලය කඩිනමින් ආරම්භ කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත් ඒකාබද්ධව අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවතින අඩුපාඩුකම්ල ප්‍රායෝගික ගැටලු විසදීමටල කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බව ද පැවසුවා.