ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරතවීමට නියමිතයි.
ජපන් රජයේ ආරාධනයකට අනුව සිදුකෙරෙන මෙම සංචාරය අතරතුරදී, ජනාධිපතිවරයා, ජපන් අධිරාජ්‍යයා හමුවීමටත් නියමිතව තිබෙනවා.
ජපන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳවද එහිදී අවධානය යොමු කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට නිමිතයි.
ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිපතිවරයා ඇමතීමට සූදානමින් සිටිනවා.
ඇමරිකානු සංචාරය නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා රාත්‍රියේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ,ජපානය බලා පිටත්ව ගියා.