Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහ මගට බිලි වූ ජීවිත

    මහ මගට බිලි වූ ජීවිත

    2025-09-27කියවීමට මිනිත්තු 3ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

    පොලිසිය කියා සිටියේ හම්බෙගමුව, හබරාදූව, බොරැල්ල, ලුණුගම්වෙහෙර, කොළොන්න සහ බුලත්සිංහල යන ප්‍රදේශයන්හිදී මෙම අනතුරු සිදුව ඇති බවයි.

    හම්බෙගමුව – වේලිඔය මාර්ගයේ මළකදුර හන්දිය අසලදී මළකඳුර දෙස සිට මහපැලැස්ස දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    බලංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් පමණ වූ තරුණයෙක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෘතදේහය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ට්‍රැක්ටර් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් හම්බෙගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර ගාල්ල – මාතර මාර්ගයේ කතළුව පාලම අසලදී මාතර දෙසට ධාවනය වූ ත්‍රීරෝදර ථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ම ාර්ගයේ වම්පස නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු සහ පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී කාන්තාව මියගොස් තිබෙනවා.

    මරණකාරිය වයස අවුරුදු 70ක් පමණ වූ අහංගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය කියා සිටියේ.

    මෘතදේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
    බොරැල්ල, බේස්ලයින් මාර්ගයේ බන්ධනාගාර හන්දිය අසලදීද අනතුරක් සිදුව තිබෙනවා.

    දෙමටගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරු පැදියේ ගැටී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අනතුරෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව තිබෙනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක් පමණ වූ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

    මෘතදේහය ඥාතීන්ට භාරදී ඇති අතර අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මොණරාගල මාතර මාර්ගයේ 70 පාර හන්දිය අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 50ක් පමණ වූ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ලුණුගම්වෙහෙර දෙසට ධාවනය වූ බස් රථයක් යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරු පැදියේ ගැටී අනතුර සිදුව ඇති බවයි.

    අනතුරෙන් යතුරු පැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

    මෘතදේහය ඥාතීන්ට භාරදී ඇති අතර අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    කොළොන්න, අලිවාඩිය වලකඩ අතුරු මාර්ගයේ අලිවාඩිය ප්‍රදේශයේදී වලකඩ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක තිරිංග ක්‍රියාවිරහිත වී ඉදිරියට ඇදී ගොස් ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් රියදුරුවරයා සහ පසුපස ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා කොළොන්න රෝහලට ඇතුළත් කිරීමේදී එක් කාන්තාවක් මියගොස් තිබෙනවා.

    බරපතල තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උල්ලිදුවාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක් පමණ වූ කාන්තාවක්.

    මෘතදේහය ඥාතීන්ට භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර බුලත්සිංහල මෝල්කාව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 26ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෝල්කාව බුලත්සිංහ මාර්ගයේ පාරුතල්විල ප්‍රදේශයේදී මෝල්කාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

    අනතුරෙන් යතුරුපැදිකරුවන් දෙදෙනාම බරපතල තුවාල ලබා බුලත්සිංහල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට මාරු කර යැවීමෙන් පසු එක් පැදිකරුවෙක් මියගොස් තිබෙනවා.

    අනෙක් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාරුතල්විල බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්.

    සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

     

    පෙර පුව​තජනපති අද ජපානයට
    ඊළඟ පුව​ත අධිකරණ නිලධාරීන්ට දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group