චීන රජය සොලමන් දූපත් රාජ්‍යයේ මාධ්‍ය ආයතන වෙත මුදල් ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, චීනයේ ප්‍රතිරූපය වර්ධනය වන අයුරින් ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සඳහා බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සොලමන් දූපතේ එවැනි එක් සමාගමකට චීන රජය විසින් ඇමෙරිකානු ඩොලර් 130,000කට වඩා වැඩි මුදලක් ප්‍රදානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ හරහා සොලමන් දූපත් රාජ්‍යයේ වඩාත්ම ත්‍යාගශීලී සහ විශ්වාසනීය සංවර්ධන හවුල්කරුවා ලෙස සිය රට ප්‍රවර්ධනය කර ගැනීම චීනයේ අරමුණ වී ඇතැයි ද සඳහන්.
සොලමන්ස් දූපත් රාජ්‍යය ඉකුත් දා චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.ඒ අමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය මධ්‍යයේයි.
ඔවුන් පවසන්නේ එය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවයි.
උණුසුම් පුවත්
- පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය වෙලා – විමල් වීරවංශ
- ආයතන රැසක නව තනතුරු පත් කෙරේ
- විදෙස් ආයෝජකයන්ට සුදුසු පරිසරයක්-ය අනිල් ජයන්ත
- බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්
- කාසල්රී සහ මාවුස්සාකැලේ පිටාර මට්ටමට ළංවෙයි
- VIDEO: ලොහාන් නැති වුණ එක රටටම පාඩුවක්
- විශ්වාසංභංගයේ සැබෑ අරමුණ නලින්ද කියයි
- සමාජයේ එක් පසෙක බලය මිනිමරුවන් අපරාධකරුවන් අත්පත්කරන්