Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, නොවැම්බර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. කාන්තා විස්සයි20 ක්‍රීඩිකාවන් ශේණිගත කිරීම්වල කාණ්ඩ තුනෙන්ම සිය ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථාන හිමිකරගෙන තිබෙනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ආසියානු කුසලාන තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙනි. ඩුබායිහිදී පැවති එම තරගයේදී චමරි අතපත්තු එක් කඩුල්ලක් දවාගැනීමෙන් අනතුරුව නොදැවී ලකුණු 48ක් රැස්කරමින් ශ්‍රී ලංකාවට කඩුලු 9ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට දායක වූවා. ඒ අනුව 36 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩිකාව විස්සයි 20 පිතිකාරිනියන් අතර හයවැනි ස්ථානයටත්, පන්දු යවන්නියන් අතර 33වැනි ස්ථානයටත්, තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර තෙවැනි ස්ථානයටත් පත්ව තිබෙනවා එම ස්ථාන තුනම චමරි අතපත්තු සිය විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අදාළ කාණ්ඩවල මෙතෙක් ලබාගත් ඉහළම ශේණිගත කිරීම් වීම විශේෂත්වයක්. මේ වසර මුලදී පැවති අයි.සී.සී. කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීද චමරි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 172ක් රැස්කරමින් සහ කඩුලු 3ක් දවාගනිමින් දස්කම් දැක්වූවා. මේ අතර නවතම ශේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුද ඉදිරියට පැමිණ තිබේ. ඉමේෂා දුලානි ස්ථාන හතරකින් ඉදිරියට පැමිණ විස්සයි20 පිතිකාරිනියන් අතර 18වැනි ස්ථානයට පත්ව ඇති අතර, හර්ෂිතා සමරවික්‍රම එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ 23වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩිකා සුගන්ධිකා කුමාරිද විස්සයි20 පන්දු යවන්නියන්ගේ ශේණිගත කිරීම්වල ස්ථාන පහකින් ඉදිරියට පැමිණ 23වැනි ස්ථානයට පත්ව ඇති බවයි දැක්වෙන්නේ. මේ අතර ඉන්දුනීසියාවට එරෙහිව කඩුලු දෙකක් දවාගත් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩිකා මරුෆා අක්තර් ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ විස්සයි20 පන්දු යවන්නියන් අතර 37වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  විදෙස් ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් නව නීති මාලාවක්
    chamari athapaththu icc womens t20 United Arab Emirates
    පෙර පුව​තපාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    ඊළඟ පුව​ත සංචාරක පැමිනීම පහතට

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group