
2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ සුළු පහළ යාමක් වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත අනුව, අගෝස්තු මාසයේදී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 191,704ක් වන අතර, එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව 3.3%ක පහළ යාමක්.
අගෝස්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 47,253ක් වනවා.














