ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි 150ක් සමග පුද්ගලයෙකු ලිඳුල පොලිසිය විසින් අද(01) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ලිඳුල පොලිසිය පවසනවා.
ලිඳුල, මොරායා නගරයේ බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන අතර එම ආයුර්වේද බෙහෙත් ශාලාවට පැමිණෙන තරුණ පිරස් සහ පාසල් සිසුන්ට මදන මෝදක ගුලියක් රුපියල් 150ක් වැනි මුදලකට අලෙවි කර ඇති බවයි ලිඳුල පොලිසිය විසින් කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට(02) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද ලිඳුල පොලිසිය පවසනවා.