කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා .
එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්නම් පවසන්නේ ලබන ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව රැස්වී ඊට අදාළ නිර්ණායක සාකච්ඡා කිරීමට නියමිත බවයි .
කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවද සදහන් .
මේ වන විට ලෝකය තුළ කොවිඩ් රෝගය ව්‍යාප්ත වීම අවම මට්ටමක් පවතින නමුත් කොවිඩ් මරණ වාර්තා වීම් තවදුරටත් දක්නට ලැබෙන අතර එම මරණවලින් බොහෝ පිරිසක් කොවිඩ් එන්නත ලබානොගත් පිරිස බව වාර්තාවනවා .