මැතිවරණ කොමිෂන් සභාව ඇතු`ඵ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ වනවා.
ඒ අනුව ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම සඳහා අයදුම්පත් කැදවීමේ කටයුතු අදින් අවසන් වනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ අයදුම්පත් භාර ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකරන බවයි.
ස්වාධීන කොමිෂන්සභා සඳහා අයදුම්පත් කැදවීම පසුගිය ජනවාරි මස 25 වනදා ආරම්භ වුණා.
එම කොමිෂන් සභා සදහා සාමාජිකයන් ලෙස පත්වීමට අයදුම්පත් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව සදහන්.