
රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 237ක් ළඟ තබාගෙන සිටි ඇන්ගෝලා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 54 හැවිරිදි එම කාන්තාව ඇන්ගෝලාවේ සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරට පැමිණ, එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වන්නේ. එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය තමන් සන්තකයේ තිබූ කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු කරල් 14ක් ස්වේච්ඡාවෙන් රේගු නිලධාරීන් වෙත භාර දී ඇති බව සඳහන්.














