ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් 11 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා.
කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම අධිචෝදනා ගොනු කරනු ලැබුවා.
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2024 පෙබරවාරි මස මුලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
මාස හතකට පසු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ඇප ලබා දුන්නා.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ප්‍රමිතියෙන් තොර එන්නත් මිලදී ගැනීමට අනුබල දුන් බවට කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වී ඇති අතර ඒවා ආනයනය කිරීම හරහා රුපියල් මිලියන 130 ක මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවයි පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.