
කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, කළු ගගේ කුඩා උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. මේ හේතුවෙන් ඉදිරි පැය 24 දක්වා කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.














