දික්වැල්ල, කිරිනැලියකන්ද ප්‍රදේශයේ කෑලෑවක තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආයුධ කිහිපයක් සොයාගෙන තිබෙනවා .
විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක්, ජීව අත්බෝම්බයක් හා ටී 56 ජිව පතරොම් 03ක් මෙලෙස සොයාගෙන ඇති බවයි පොලීසය සදහන් කලේ .
පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත අදාළ මෙහෙයුම දියත් කර තිබුනා .
එම අවිආයුධ දික්වැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර වාද්දුව ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 35 ක් සොයාගත් බව වාද්දුව පොලිසිය පවසනවා.
ගුවන් හමුදා කෝප්‍රල් වරයෙකුගේ නිවසක තිබී මෙම උණ්ඩ සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ .
කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ ගුවන් හමුදා කදවුරක රාජකාරි කරන ගුවන් හමුදා කෝප්‍රල් වරයෙකු පදිංචි මොල්ලිගොඩ නිවසක ජීව පතුරම් ඇති බවට ලද තොරතුරක් අනුව අදාළ වැටලීම සිදු කර තිබුනා .











