රජයේ වෛද්‍ය නිලධාරින් දිවයින පුරා රෝහල්වල ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි.
ගැටළු කිහිපයකට විසදුම් දෙන බවට ලබාදුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 23 වැනිදායි.
එය පසුගිය ඉරිදා උදෑසන අවසන් වූ අතර, අනතුරුව රෝහල් තුළ දෛනික ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුණා.කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරින් ලිඛිතව එකඟ වූ යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවට පවසමින් යළිත් ඊයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළේ.
ඒ අනුව රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ ඔසුසැල්වලින් මිලදී ගැනීමට අදාළ තුණ්ඩු නිකුත් කිරීම, රෝහල් තුළ සිදුකරගත නොහැකි රසායනාගාර සේවා බාහිර ස්ථානවලින් සිදුකර ගැනීමට අදාළ නිර්දේශ නිකුත් කිරීමෙන් ද ඔවුන් වැළකී සිටිනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













