ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ තරුණ තරුණියන් පසුගිය වසර හතර තුළ ක්‍රීඩාවේ කැපී පෙනෙන පරිවර්තනයක් සිදු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ බොහෝ ක්‍රීඩා තරඟ වලදී ඔවුන්ගේ සිය දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඒ හමුවේ කාශ්මීරයේ තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ගොඩ නැගී තිබූ මතවාදයන් ද බිඳ වැටී තිබෙනවා.
ඉන්දීය පරිපාලනය පැමිණීමට පෙර කාශ්මීරයේ තරුණ ප්‍රජාව ප්‍රසිද්ධියට පත්ව සිටියේ ප්‍රචණ්ඩත්වයට සහ සටන්කාමීත්වයට නැඹුරු වූ පිරිසක් ලෙසයි.
නමුත් පසුගිය වසර හතර තුළ ඉන්දියානු රජය සහ කාශ්මීර පරිපාලනය එම කලාපයේ තරුණ තරුණියන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඔවුන්ගේ දක්ෂතා විදහා දැක්වීමට අවස්ථා රැසක් ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය රජයේ මෙම ප්‍රතිපත්ති හේතුවෙන් පසුගිය වසර හතර තුළ ක්‍රිකට් ක්‍රීඩකයින් 5 දෙනෙකුට IPL තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි ව තිබෙනවා.
උණුසුම් පුවත්
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට














