
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
ඒ අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී අදාළ නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කරන ලෙස විනිසුරුවරිය විසින් නියම කරනු ලැබුවා.














