
2026 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යට අදාළ සිව්මහා දේවාලවල කප් සිටුවීම අද සිදු කෙරුනා. මෙවර කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යට අගෝස්තු මස 18 වැනිදා සිට 28 වැනිදා දක්වා මහනුවරදී පැවැත්වීමට නියමිතයි . ඒ අනුව, අද උදෑසන 06.17ට උතුරු දිශාභිමුඛව පෞරාණික චාරිත්‍රානුකූලව පේකොට තබන ලද “පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන මහනුවර සිව්මහා
දේවාලවලදී මෙවර ඇසළ පෙරහර මහා මංගල්‍යට සඳහා කප් සිටුවීම සිදු කරනු ලැබුවා. ඇසළ පෙරහර මහා මංගල්‍යට ආගමික හා සංස්කෘතික චාරිත්‍රානුකූල කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරන මෙම කප් සිටුවීම පෞරාණික චාරිත්‍ර අනුව සිදු කෙරෙනවා.
මේ අතර මෙවර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 6000 ක් යෙදවීමට නියමිතයි. මෙය දළඳා සමිදුන් උදෙසා පිදෙන ආගමික හා සංස්කෘතික මංගල්‍යයක් වන බැවින් විනෝද සැණකෙළියක් යැයි සිතා හැසිරිමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.














