ඔන්ලයින් ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට ආරම්භ කෙරෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.
හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අයදුම් කරන්නන් සඳහා ඔවුන්ගේ ඇගිලි සලකුණු ප්‍රාදේශිය කාර්යාල තුළ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාල මගින් සිදුකර ගත හැකියි.
කෙසේවෙතත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.
උණුසුම් පුවත්
- අශෝක රන්වලගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
- මෙරට ඩිජිටල්කරණය සදහා ලෝක බැංකුව නව ව්‍යාපෘතියක් අනුමත කරයි
- බදුල්ල – අඹේවෙල දුම්රිය ගමන අද සිට යලි ධාවනයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
- ආපදා සහන සම්බන්ධයෙන් ජනපතිගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යට ප්‍රශංසා
- අද දවසේ කාලගුණ තත්ත්වය
- බෙල්ලනගේ වැඩ තහනම්
- වැඩි මිලට ටින් මාළු අලෙවි කළ ඇඹිලිපිටියේ කඩ දෙකකට දඩ










