
මේ වනවිට එල්නිනෝ තත්ත්වය වර්ධනය වී ඇති බවත් නොවැම්බර් මාසය වනවිට එහි උච්චතම අවස්ථාවට පැමිණිය හැකි බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත්කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා මේ බව ප්‍රකාශ කළා. දැඩි උෂ්ණත්වය හා නියඟය හමුවේ ජනතාවගේ රැකියා අහිමිවීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.














