
දෙවුන්දර දේවාලය පිටුපස නිවසකට ඊයේ සිදු කළ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි බවට පැවසෙන මෝටර් රථය දික්වැල්ල-බෙලිඅත්ත පරණ පාර ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ එම මාර්ගයේ මෝටර් රථයක් නවතා තිබී ඇති අතර, එය පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී රියදුරු විසින් එම රථය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම මෝටර් රථය කණුවක ගැටී නැවතී ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු පලා ගොස් ඇති බවයි අනාවරණය වන්නේ.














